’විදේශ ආයෝජන ඩොලර් බිලියනය ඉක්මවයි’

වර්තමාන රජය බලයට පත්ව ගතවූ වසරේදී ඩොලර් බිලියනය ඉක්මවූ විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති බවත්, 2026 වසරේදී එම ඉලක්කය ඩොලර් බිලියන 1.5 සිට 2 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් කම්කරු අමාත්‍ය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.