රටේ වත්මන් ප්‍රධානතම මාතෘකාව අධ්‍යාපනය වුවද, ඇතැම් පාර්ශව අධ්‍යාපනයට වඩා අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව අනවශ්‍ය ලෙස අවධානය යොමු කරමින් සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. අධ්‍යාපනය පිළිබඳ මාතෘකාවට වඩා වර්තමානයේ බොහෝ දෙනා අග්‍රාමාත්‍යවරිය පිළිබඳව කතාබහ කරන බවත්, විශේෂයෙන්ම ආගමික නායකයන් යැයි කියාගන්නා පිරිසක් අග්‍රාමාත්‍යවරියගේ හැසිරීම්, චර්යා රටාවන් සහ ඇය කැමති අකමැති දේවල් පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔවුන් සැබෑ ලෙසම අධ්‍යාපන පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡා නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රතිසංස්කරණ වෙනුවට පරිවර්තනයක් මෙහිදී විශේෂ කරුණක් අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය අපේක්ෂා කරන්නේ "අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්" නොව "අධ්‍යාපන පරිවර්තනයක්" බවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යන්න අතීතයේ සිටම අඛණ්ඩව සිදුවූ ක්‍රියාවලියක් බවත්, වර්තමානය "පරිවර්තනීය යුගයක්" බැවින් රටට අවශ්‍ය වන්නේ සමස්ත අධ්‍යාපන පද්ධතියේම විප්ලවීය වෙනසක් හෙවත් පරිවර්තනයක් බවත් ඔහු පවසයි. අධ්‍යාපන පරිවර්තනයට විරෝධය දක්වන සහ අග්‍රාමාත්‍යවරිය විවේචනය කරන ඇතැම් පුද්ගලයන්ගේ අධ්‍යාපන මට්ටම ඔවුන්ගේ හැසිරීම් තුළින්ම මැනවින් පැහැදිලි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ‘විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරිය.. තනිකර කතා කරන්නේ කුණුහරුප’ යයිද ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හෝ කුණුහරුපයෙන් කතා කිරීම මගින් ඔවුන්ගේ පවතින අධ්‍යාපනයේ ස්වභාවය පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.