ඔස්ට්‍රේලියාවේ ළැව් ගිනි

දැඩි උණුසුමත් සමඟ ගිනිකොන දිග ඔස්ට්‍රේලියාවේ හටගෙන ඇති ළැව්ගිනිවලට හසුවුණු නිවාස හා ගොඩනැගිලි 300කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි පැවැසෙයි. එක් මරණයක් ද වාර්තා වේ.