ත්‍රිරෝද රිය අඩි 25ක් පහළට:දෙන්නෙක් රෝහලට

මස්කෙළිය සිට නෝර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධික බෑවුමක් සහිත ස්ථානයකදී අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම ත්‍රී රෝද රථයේ ගමන් ගත් ත්‍රිරෝද රථ රියදුරු සහ එක් මගියෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.