ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර 10ක රැඳවියන් තම ආහාරවේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.