අල්ලස්ගත් බව කියන වැලිමඩ දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ්

දිසා අධිකරණ තීන්දුවක් ප්‍රකාරව ඉඩම් නඩුවක භුක්තිය හිමිකරුවන්ට භාර දීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසුවිතාන මහතා අද (12) නියෝග කළේය.