wimal satyagraha got up and went to dinner

අද උදෑසන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය පවත්වන ස්ථානයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පිටව ගොස් ඇති බව වාර්තා වේ. සිය රාත්‍රී ආහාරය වෙනුවෙන් විමල් විරවංශ එම ස්ථානයෙන් පිටව ගිය බව ඇතැමෙක් ප්‍රකාශ කර තිබේ. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (12) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවයට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ද නිකුත් කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න