බලශක්ති අමාත්‍යාංශයට මැතිසබයෙන් නියෝගයක්

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.