මිහින්තලා හිමිගේ රහස් විඩියෝවක් ප‍්‍රසිද්ද නොකරන්න කෝටියක් ඉල්ලයි..

මෙරට පවතින රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු සහ පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත පද්ධතියම කඩා වැටී ඇති බවත්, වර්තමාන රජය යටතේ අපේක්ෂිත 'සිස්ටම් චේන්ජ්' එක තවමත් සිදු වී නොමැති බවත් මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පවසති. රුපියල් කෝටියක කප්පම් ඉල්ලීමක් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගල චරිත ඝාතනය කරමින් මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් උන්වහන්සේ, තමන් වහන්සේගෙන් ද රුපියල් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කළ බව අනාවරණය කළහ. එම මුදල ලබා නොදුන්නහොත් වීඩියෝ පට ප්‍රසිද්ධ කරන බවට කළ තර්ජනය තමන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බවත්, මේ වන විට එම පාර්ශවයන්ට එරෙහිව අධිකරණ කිහිපයක නඩු 30ක් පමණ පවරා ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ. මේ සම්බන්ධ සියලු තොරතුරු, දුරකථන අංක සහ අදාළ සමාජ මාධ්‍ය සබැඳි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ සයිබර් අපරාධ ඒකකය වෙත ලබා දී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට හැදීමේ උවමනාවක් තිබුණද, ඔහුගේ කාර්ය මණ්ඩලය සහ ඇතැම් පිරිස් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් රට මෙහෙයවීම අසීරු වනු ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ. ඇතැම් යූටියුබ්කරුවන් සහ ෆේස්බුක් පරිශීලකයින් රජයේ "කුණු හෝදන ගමන්" පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට චරිත ඝාතනයන්හි නිරත වන බවත්, මේවා නියාමනය කිරීමට සහ විගණනය කිරීමට වහාම පියවර ගත යුතු බවත් උන්වහන්සේ පැවසූහ. මෙම මඩ ගැසීම් සහ අපහාස කිරීම් සම්බන්ධයෙන් මෙරට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම්, ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ අනතුරු ඇඟවූහ. එමෙන්ම, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තමන් වහන්සේට අවස්ථාව පවතින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතමයෙකු හරහා එම සම්බන්ධතාවය ගොඩනගා ගත හැකි බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළහ. සමාජ මාධ්‍ය හරහා ආගමික ගෞරවය සහ විශ්වාසය පළුදු කිරීමට දරන උත්සාහය වහාම නැවැත්විය යුතු බවත්, එසේ නොවුණහොත් එය රටේ විනය පිරිහීමට මෙන්ම ජාත්‍යන්තර ආධාර පවා අහිමි වීමට හේතු විය හැකි බවත් මිහින්තලේ හිමියෝ පෙන්වා දුන්හ.