අතහරින්න එපා.. ගහපු අය මතක තියාගන්න... අපි මග එනවා - ට‍්‍රම්ප් ඉරාන අරගලකරුවන්ට දන්වයි

ඉරානය පුරා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන දැවැන්ත විරෝධතා මර්දනය කිරීමේදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ඉරාන රජය "දරුණු ලෙස අනිසි ලෙස හැසිරෙන" බව පවසන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විරෝධතාකරුවන්ට සහාය වන බවට පොරොන්දු වී තිබේ.