මොඩියුල වගේ ලොකු වැඩ එපා.. පචයක් කියාගෙන, වැලි කොට්ට බැම්මක් ගහගෙන, කෝලිකුට්ටු නැට්ට ෆික්ස් කරගෙන ඉන්න - චමුදිත

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියේ කටයුතු සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක වුවද, හයවන ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 වසර දක්වා කල් දැමීමට රජය ගෙන ඇති තීරණය හිරු රූපවාහිනියේ 'පත්තරේ විස්තරේ' වැඩසටහනේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අදහස් පල කලේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ, රජය මෙවැනි දැවැන්ත කාර්යයන් සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්, ඒ වෙනුවට ගංගා ඇළදොළ හරස් කිරීම, පාලම් සැකසීම සහ විපක්ෂයට එරෙහිව උද්ඝෝෂණ කරමින් වැලි කොට්ට බැම්මක් ගසාගෙන, පචයක් දෙකක් කියාගෙන ඉතිරි වසර හතර ගත කරමින් සිටීම ප්‍රමාණවත් බවත්ය. "විශාල කටවල් ඇති අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි" බව පවසමින් ඔහු රජයේ ක්‍රියාකලාපය උපහාසාත්මකව විවේචනය කළේය. තවද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පවා නිසි පරිදි සිදු කිරීමට නොහැකි රජයක්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැනි බැරෑරුම් කටයුතු සඳහා අත නොතැබිය යුතු බව ඔහු අවධාරණය කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කරන මෙවැනි පසුබෑම් හමුවේ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට මැදිහත් නොවන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේ දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව පතමිනි. 'මේ වගේ ලොකු ලොකු වැඩ අවශ්‍ය නෑහ. ඔය ඉඳලා හිටිලා ගඟක් දොයි කරගෙන මල්වතුය මඩ කලපුවෙන් බස්සගෙන කෝලු කුට්ටු ගෙඩිය නට්ට පික්ස් කරගෙන වැලිොට්ට පාලමක් හදාගෙන ස්ටේෂන් එකින් ස්ටේෂන් ඒකකට පැන පැන ඩන්ස් කරගෙන හිලක් පැල්මක් වහගෙන පාර්ට බැහැල විපක්ෂයට විරුද්ධව උද්ගෝෂණයක් කරගෙන නටලා ඊට පස්සේ ඉඳලා හිටලා පචයක් දෙකක් කියාගෙන ජොලියේ ඉඳලා යන්න. වෙන මොකුත් ලොකු සීන් එකක් කරගන්න ඕනේ නැ. විශාල කටවල්වලින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මේ තරහට නෙමෙයි ෆුල් ලව් එකෙන් කිව්වේ. ඒ නිසා ඒ අහපු ටිකේ ඒ වගේ ටියක් කරයි යන්න. වැඳලා එක දෙයක් ඉල්ලනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙහෙම නම් ව්‍යවස්ථා ප්‍රතිංස්කරණ වලට නම් අතවත් තියන්න එපා හොඳේ. දෙයියන්ගේ පීටයි. 33 කෝටියක් දෙවි දේවතා උවුන් වහන්සේලාගේ ආරක්ෂාවයි" මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න