මහනුවර කුඩු ජාලය රන් කරන්නේ ‘නුවර අක්කා’ ‘මාතලේ අක්කා’ සහ ‘කුඩු සයිමා’ බව හෙළිවේ - ලොකු ලොකු තනතුරු දරන කාන්තාවොත් දැන් කුඩු ගහනවලු

2025 දී මහනුවර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම් පෙර වසරට සාපේක්ෂව පස්ගුණයකින් වැඩි වී ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ඊයේ පැවසීය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම අමතමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක පැවසුවේ, පොලිස් වැටළීම් වාර්තා මගින් දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය සංසරණය සහ භාවිතයේ තියුණු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.