මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාවය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් යාවත්කාලින කිරීමට එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය කරයුතු කර ඇත. එම උපදෙස් මෙසේය. මේ වන විට ඉන්දියන් රජය ඉරානයේ සිටින තම පුරවැසියන් හා ඉන්දියානු සම්භවයක් ඇති පිරිස වෙත නිවේදනය කරමින ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ඉරානයෙන් පිටවන ලෙසය. එයට අමතරව දෝහා රාජ්‍යයේ ඇමරිකානු යුධ කදවුරුවල සිටින පිරිස් ඒවායින් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබේ. ඒ සමගම කලාපය හරහා ගමන් කරන සමහර ගුවන් ගමන් අත්හිටවීමට හෝ සීමා කිරීමට කටයුතු සිදුවෙමින් පවතින බව පෙනී යයි. ඊශ්‍රායිල් ආරක්ෂක හමුදා ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සුදානම් අතර මිසයිල ආරක්ෂක පද්ධතිය මනා ලෙස සුදානම් කොට තිබේ. මධ්‍යයවල විවිධ පුවත් හා සමහර කණ්ඩායම් විසින් පතුරුවන වැරදි තොරතුරු හේතුවෙන් ඊශ්‍රායලයේ සිටින පිරිස් ආරක්ෂාව පිළිබඳව අනිසි බියක් ඇතිකරගත් යුතු නැත. ඊශ්‍රායිල් හමුදාවෝ පවතින ඕනෑම තත්ත්වයක් පාලනය කිරීමට කටයුතු කරනු ඇත. එබැවින් යම් හෙයකින් හදිසි මිසයිල ප්‍රහාරයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවන් ඇතිවුවහොත් පහත දැක්වෙන ක්‍රියා මාර්ග අනුගමනය කරන මෙන් කාරුණිකව ඉල්ලමි. 2025 ජුනිමස එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාරවලින් කිසිඳු ශ්‍රී ලාංකිකයෙක් ජිවිතක්ෂයට පත් නොවුනේ ඊශ්රායිල් ආරක්ෂක අංශ හා තත්පති කාර්යාලය නිරන්තරයෙන් සිදු කරන දැනුවත් කිරීම් මෙන්ම හදිසි සයිරන් නාදයන් සමඟ සියලු දෙනාම පාහේ තම පදිංචි ස්ථානවල හෝ ඒ ආසන්නයේ ඇති ආරක්‍ෂිත නිවස්නවල රැකවරණය ලබා ගත් බැවිනි. එබැවින් ඊශ්රායිල් මාධ්‍යය හා ආරක්ෂක අංශ වලින් කරන දැනුවත් කිරීම පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම් දෙමි. අසනීප සඳහා බෙහෙත් භාවිතා කරන පිරිස් තම බෙහෙත් ඉතා ආසන්නයේ තබා ගත යුතුය. විදුලිය විසන්ධි වීමකින් හෝ අන්තර්ජාල පද්ධති අක්‍රීයවිමකින් දුරකථන ක්‍රියා විරහිත වුවහොත් ශ්‍රී ලංකාවේ සිටින පිරිස අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වලකින්න. විවෘත ස්ථානවල සේවය කරන පිරිස් තම සේවා කාලය අතරතුර අනතුරු ඇගවීමක් ලදහොත් තමන්ට ආසන්නයේ ම ඇති ආරක්‍ෂිත ස්ථානයේ රැකවරණය ලබන්න. වාහනවල ගමන් කරන අවස්ථාවක හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තම වාහනය ඉන් බැස ලඟම ඇති ආවරණයක් කරා ගමන් කරන්න. ඉදිරි දිනවල ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාකරන පිරිස පවතින තත්ත්වය විලිබඳව විමසිලිමත්වන ලෙස දන්වමි. 2026 ජනවාරි මස 15 තෛපොංගල් දිනය වෙනුවෙන් හා 16 මෙන්ම 17 ඊශ්‍රායිල් රජයේ සති අන්ත නිවාඩු හේතුවෙන් තානාපති කාර්යාලය වසා තැබුව ද අනපේක්ෂිත හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් තානාපති කාර්යාලය හදිසි සේවා සඳහා විවෘත කර තබන බව කරුණාවෙන් සලකන්න. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්රායිල් රාජ්‍යය මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න