"බටහිරයන්ගේ රැවටිලිකාර සිනහවට හසු නොවන්න" - අයිෂා ගඩාෆිගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්!

ලිබියාවේ හිටපු නායක කර්නල් මුඅම්මර් ගඩාෆිගේ දියණිය වන අයිෂා ගඩාෆි විසින් ඉරාන ජනතාව වෙත යොමු කරන ලදැයි කියන විශේෂ පණිවිඩයක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. බටහිර රටවල බොරු පොරොන්දුවලට හසු වී සිය රට විනාශ කරගත් කාන්තාවකගේ හඬ ලෙස ඇය මෙම පණිවිඩය හරහා ඉරාන වැසියන්ට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරයි.