ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ඒ සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවය.