මෙගාවොට් 20 ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව පෞද්ගලික ආයතනයක් විසින් මන්නාරමේ ඉදිකළ, මෙගාවොට් 20ක ධාරිතාවයකින් යුත් 'මන්නාරම වින්ඩ්ස්කේප්' සුළං විදුලි බලාගාරය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.