ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රඳවා සිටින බලන්ගොඩ කස්සප හිමියෝ ආරම්භ කළ මාරාන්තික උපවාසය ඊයේ (15) පස්වරුවේ අත්හැර ඇතැයි වාර්තා වේ. උපවාසය සැලවීමත් සමග බන්ධනාගාරයට වැඩම කරනු ලැබූ පුල්මුඩේ අරිසිමලය ආරණ්‍යය සේනාසන සංචිතයේ අධිපති පනාමුරේ තිලකවංශ හිමියෝ බලන්ගොඩ කස්සප හිමියන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ඇතිකරගත් එකඟතාව මත මෙම උපවාසය අත්හැර ඇති බව පැවසේ. උපවාසය අත්හැරීම සංකේතවත් කරමින් බන්ධනාගාරය විසින් ලබාදුන් ගිලන්පස වැළඳා ඇති බවද වාර්තා වේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න