මවුවරුන් 877,000ක් වඳභාවයට පත් කරලා - ඥාණසාර හිමි

පසුගිය වසර කිහිපය තුළ මෙරට මව්වරුන් 877,000ක් පමණ වඳභාවයට පත් කර ඇති බවත්, මෙය විදේශීය උවමනාවලට අනුව ක්‍රියාත්මක වන සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසති. උන්වහන්සේ මේ බව අනාවරණය කළේ මව්වරුන්ගේ පෙරමුණ විසින් සංවිධානය කරන ලද සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. සංවිධානාත්මක වඳකරණය 1973 වසරේදී ඉදිරිපත් වූ ලෝක ජනගහන පාලනය පිළිබඳ යෝජනාවකට අනුව මෙරට Population Services Lanka සහ Marie Stopes වැනි රාජ්‍ය නොවන සංවිධාන එක්ව මෙම වඳකරණ ක්‍රියාවලිය ආරම්භ කළ බව උන්වහන්සේ පෙන්වා දෙති. 1980 දශකයේ සිට ක්‍රියාත්මක වූ මෙම වැඩපිළිවෙළ යටතේ, වයස අවුරුදු 26 සම්පූර්ණ දරුවන් දෙදෙනෙකු සිටින කාන්තාවන්ට වඳ සැත්කම් සිදු කිරීමට අවසර ලබා දීම හරහා මෙම තත්ත්වය උග්‍ර වූ බව උන්වහන්සේ සඳහන් කළහ. උන්වහන්සේට අනුව, 2012 වසරේදී පමණක් මව්වරුන් 6,700කට අධික පිරිසක් වඳ සැත්කම්වලට භාජනය කර ඇත. මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය ලෝකයට නොගැලපෙන, වෙහෙසකර එකක් බවත්, ජපානය, කොරියාව සහ ජර්මනිය වැනි දියුණු රටවල් නවීන විද්‍යාව හා තාක්ෂණය භාවිතා කරමින් තම කෘෂිකර්මාන්තය දියුණු කරන විට ලංකාව එවැනි විප්ලවයකට යොමු නොවූ බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ. එමෙන්ම, වර්තමානයේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන අත්හදා බැලීම් ද එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක් ලෙස ඥාණසාර හිමියන් හැඳින්වූහ. මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙන්ම මෙවැනි මතවාදී සහ වෛද්‍යමය ක්‍රියාවලීන් හරහා රටට එරෙහිව එල්ල වන ත්‍රස්තවාදී බලපෑම් අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න