කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව නඩු තුනක් ගොනු කර තිබෙන බවට දැනුම් දීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, ඇතුළු පවුලේ සමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.