ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවාගෙන රජයට රුපියල් ලක්ෂ අසූවක් පාඩු කළේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් පවරමින් අධි චෝදනා ගොනුකළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (16) පැවසීය.