උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි කියන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක, ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි සැකකරුට එරෙහි පැමිණිල්ල ජුනි 19 දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා (16) දින නියම කළේය .