ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයේ පාලනය යටතට ගැනීමට සහය නොදක්වන රටවලට එරෙහිව ආනයන බදු පැනවීමට තමා කටයුතු කළ හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල දූත පිරිසක් සහ ඩෙන්මාර්ක බලධාරීන් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීමට උත්සාහ කරමින් සිටින පසුබිමකය.