බෙල්ලන මනුෂ්‍ය ඝාතන විමර්ශණ අංශයට කැදවයි

කොළඹ ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදු කර ඇත. 2025 දෙසැම්බර් 09 වන ෆේස්බුක් පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු විමසීමට නියමිතය. "අනිල් ජයසිංහ රුක්ෂාන් බෙල්ලනට ෂොට් එක දෙන්න සැරසෙයි" යනුවෙන් පළ වූ එම වීඩියෝවෙහි අසේල සම්පත් නැමැති අයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා වෛද්‍යවරයා මෙලෙස කැඳවා තිබේ. ඒ අනුව, පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ 04 වන මහලේ පිහිටි මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය වෙත පැමිණෙන ලෙස වෛද්‍ය බෙල්ලන මහතාට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දී ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න