පසුගියදා සිදුවූ දිට්වා ආපදාවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජීවි වගා ක්ෂේත්‍රය යළි නගා සිටුවීම සඳහා තාක්ෂණික සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ සාකච්චාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් මහත්මිය අතර ඊයේ (16) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.