රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.