ඉරානයේ ශ‍්‍රී ලංකිකයන් ඉවත් කර ගනී... ටෙහෙරාන් තානාපති කාර්යාලයත් වසයි

ඉරාන රජයට එරෙහිව එරට තුළ උද්ගතව ඇති ප්‍රබල මහජන විරෝධතා මධ්‍යයේ, ටෙහෙරාන් අගනුවර රැඳී සිටි සමස්ත ශ්‍රී ලාංකිකයන් ආපසු මෙරටට එවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. තානාපති කාර්යාල ආරංචි මාර්ගවලට අනුව, අගනුවර සේවය කළ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ වන විට සුරක්ෂිතව මෙරටට පැමිණ ඇත. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ටෙහෙරාන් නුවරින් ඉවත් කර, ඉන් කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ආරක්ෂිත ස්ථානයකට තාවකාලිකව පිහිටුවා තිබේ. දැනට මෙම කාර්යාලයේ කටයුතු භාර නිලධාරියෙකු යටතේ මෙහෙයවෙන අතර, ස්ථිර තානාපතිවරයෙකු එහි සේවය නොකරනයි. වර්තමාන තත්ත්වය අනුව ටෙහෙරාන් නුවර කිසිදු ශ්‍රී ලාංකික සේවකයෙකු රැඳී නොසිටින අතර, එහි සිටින්නේ තානාපති කාර්යාලයේ නිලධාරීන් පමණි. දැනට තානාපති කාර්යාලය ඉරානයේ මාසාල්හි 'රෂාට්' නම් ප්‍රදේශයේ ස්ථාපනය කර ඇත. නව පරිශ්‍රය තුළ සේවය කරන නිලධාරීන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින අතර, අන්තර්ජාල පහසුකම් ඇනහිටීම හේතුවෙන් සන්නිවේදන කටයුතු ද අඩාල වී පවතී. ------------------------------ ------------------------