හොර දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරි වේ

රුපියල් 68,95,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගියකු අද සවස අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගුව කියයි.