නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුර වූ ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය. ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී තිබුණි. එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ  නගරාධිපති ධුරයටද පත්විය. nandana gunathilaka passed away