මුදල් වංචාවක් කළැයි කාන්තාවන් තිදෙනකු අල්ලයි

ගෘහ භාණ්ඩ ලබා දෙන බව පවසා අන්තර්ජාලයේ දැන්වීම් පළකර මාර්ග ගත ක්‍රමවේදයේ ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් සංවිධානාත්මකව වංචා කළ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත( දකුණ) දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.