රු.කෝටි 90ක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්ය.