පවතින අධික වර්ෂාව සමඟ අද( 22) බදුල්ල පස්සර මාර්ගයේ එකසිය තිස් දෙක වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වුවද ඒවා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය.