එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට අද (22) සිදුවිය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ එංගලන්තයෙන් හිමිවූ ලකුණු 147ක ඉලක්කයකට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95ක් පමණි.