පසුගියදා පැවැති භික්ෂු සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ, රජයට එරෙහිව මත දරන භික්ෂූන් වහන්සේලාගෙන් එම අවස්ථාවට සහභාගී වී ඇත්තේ 5%ක් වැනි සුළු පිරිසක් පමණක් බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රජයේ ක්‍රියාකලාපය පිළිබඳ කළකිරීමෙන් පසුවන මහා සංඝරත්නයෙන් 95%කටම මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බවයි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න