2026 ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි

ලොව සුප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ  "Travelers’ Choice Awards Best of the Best" ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්ව ඇත.