ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය නිසා නොරොච්චෝලේ බලාගාරයත් අවදානමක

ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අගුරු නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා භාවිතා කිරීම තුළින් එහි ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා පවසයි.