අද රටේ ජනතාව දුක් විඳින්නේ JVPය සහ LTTEය නිසයි – සුජීව සේනසිංහ

මේ රටේ ජනතාව දුක් විදින්නෙ ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ (LTTE ) සංවිධානය නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පැවසීය. මේ සඳහා හේතු වී ඇත්තේ රට සංවර්ධනය කරන්න පුළුවන් නායකයින් ඝාතනය කර විශ්වවිද්‍යාල,ආයතන, ව්‍යාපාර මේ සියල්ලටම මේ අය විරුද්ධ වී ඒවා කඩාකප්පල් කරමින් රට ආපස්සට තල්ලු කළ බව හෙතෙම සිහිපත් කළේය. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ සුජීව සේනසින්නමහතා තවදුරටත් කියා සිටියේ ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවයි. දූෂණ මාපකයට අනුව ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් සිදුකර ඇත්තේ වත්මන් ආණ්ඩුව බව පෙන්වා දෙන ඒ මහතා 2025-2026 කාලය දූෂණ සිදු කරමින් වාර්තාවක් පිහිටුවා ඇතිබව අනාවරණය කළේය. කන්ටේනර් 323, ගල් අඟුරු,බදු වංචා ඇතුළු මහා පරිමාණ වංචා විශාල ප්‍රමාණයක් සිදුකර ඇතිි බව මන්ත්‍රීවරයා පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. අද මේ රටේ ජනතාව දුක් විදින්නෙ, JVP එක සහ LTT සංවිධානය නිසා බව කිව යුතුයි. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් නායයන් ඔක්කොම ඝාතනය කළා. මේ අය විශ්වවිද්‍යාල,ආයතන, ව්‍යාපාර මේ සියල්ලටම මේ අය විරුද්ධ වුණා. මේ නිසා රට සංවර්ධනය වෙන එක අඩාල වුණා ඒ විනාශයට සෘජුවම මේ අය වග කිව යුතුයි. මාලිමහා ආණ්ඩුවේ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය යටතේ ඉදිරියේදී විදුලි ජනනය සම්බන්දව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. විදුලි කප්පාදු සහ විදුලි මිල ඉහළ යා හැකියි. එය වළක්වන්න හැකියාවක් නැහැ.මේ අය අයගේ දූෂිත ක්‍රියා නිසා මේ අවාසනාවන්ත තත්ත්වය උදා වී තිබෙනවා. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉස්සර ගෑස් මිල වැඩි උනොත් වගකියන්න ඕනේ ආණ්ඩුව කිව්වා, ඇමතිලා කොමිස් ගහලා තමයි දැන් මිල වැඩි වුණේ කියලා දැන් එහෙම නෙවෙයි කියනවා, බාල ගල් අඟුරු ගේන්නේ ආණ්ඩුව කියලා එදා කිව්වා. දැන් එහෙම නෙමෙයි කියනවා, හාල් මිල වැඩි කරන්නේ ඩඩ්ලි සිරිසෙන කිව්වා දැන් එහෙම නෙවෙයි කියනවා, IMF රාස්සයෙක් කිව්වා දැන් බදාගෙන පිලිගන්නෙ, ඉන්දියාව චීනයට දැඩි ලෙස විරුද්ධ වුණා දැන් එහෙම නෑ කියනවා. ඔක්කොම දැන් අනිත් පැත්ත කියන්නේ මේ අයට රට ඉදිරියට ගෙන යන්න දැක්මක් නැහැ. ආසියාවට ගෑස් සපයන්නැති ආයතනයකට ගෑස් දීලා විශාල අර්බුදයක් අද ඇති කරලා තියෙනවා. පිටරටක නීතිඥවරයකුට වෙඩි තිබ්බා නම් අපි පුදුමයට පත්වෙනවා බලන්න ඇමතිවරයා මොනවාද කියන්න කියලා. රටේ හමුදා මූලස්ථානය ළඟට අවිත් වෙඩි තියලා යනවා. JVP එකේ පරණ ස්වරූපය දැන් පේනවා ඉදිරියේදී දැවැන්ත අර්බුදවලට මුහුණ දෙන්න වෙයි.. ගල් අඟුරු ගෙනල්ල තියෙන්නෙ බාල ඖෂධ ගේන සමාගමක් පැහැදිලිවම වංචාවක් වෙලා. බිත්තර ගේන මනුස්සයෙකුට ගල් අඟුරු ගේන්න බෑනේ. සැකය සමාජයටම තිබුණා දැන් ඒක ඔප්පු වෙලා, ඉදිරි ආණ්ඩුවලදී පෙන්වයි මොකද උනේ කියලා, ජනාධිපතිතුමා කිව්වා ඉරක් තියෙනවා ඔක්කොම ඉරට යටින් කිව්වා. ඒ අයත් ඒකට පහළින් තමයි ඉන්නේ,ආරක්ෂක ඇමතිට සියලු දේවල් හුදකලා සිද්ධි. උසාවිය ඇතුළත වෙඩි තිව්වත් හුදෙකලා,මේවා ජනතාවට හුදකලා නෑ,නමුත් මේවා JVP එකටනම් හුදකලා.විය හැකියි. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න