පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී වීමට නියමිතව සිටි ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් දේශන කටයුතු මෑතකදී අවලංගු කිරීම පිළිබඳව හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබේ. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සංගම් වැනි විවාද මණ්ඩල පරම්පරා ගණනාවක් තිස්සේ නිර්භීත සංවාදයේ සහ තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීමේ සංකේත ලෙස පෙනී සිටින බව හිටපු ඇමැති සබ්‍රි එහි සදහන් කර ඇත. කේම්බ්‍රිජ් සංගමය ඇමතූ තමාගේම අත්දැකීම සිහිපත් කරමින් අලි සබ්‍රි මහතා පෙන්වා දී ඇත්තේ, එවැනි වේදිකා විවෘතව, ගෞරවනීයව සහ බුද්ධිමය අවංකභාවයකින් යුතුව වෙනස්කම්වලට මුහුණ දීමට දුර්ලභ අවස්ථාවක් ලබා දෙන බවයි. සංවිධානාත්මක පිරිස් විසින් ඇති කළ පීඩනය නිසා එම උත්සවය අවලංගු කිරීම කණගාටුදායක බව ද අදාළ සටහනේ දැක්වේ. එලෙස කටයුතු කරන විට සිවිල් සමාජයේ බෙදීම් ඇති වීම වැනි දෑ සඳහා මෙම තත්ත්වය හේතුවන බවද හිටපු ඇමැති සබ්‍රි පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ අනාගතය සහ සැබෑ සංහිඳියාව මෙවැනි සිදුවීම් ඔස්සේ බාධා එල්ලවන බවද ප්‍රතිවිරුද්ධ අදහස් දරන අය හමුවීමට, ප්‍රශ්න කිරීමට සහ සවන් දීමට කැමැත්තෙන් සිටිය යුතු බවත් එම හඬවල් නිහඬ කිරීම තුළින් ජාතන්ත්‍රවාදය ඉදිරියට නොයන බවත් විශ්ව විද්‍යාල විසින් ආරක්ෂා කිරීමට අදහස් කරන පරමාදර්ශ විනාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න