"අනේ නැගිටින්නකෝ.....මගේ දුවේ...." - මගේ දුවව අපිට නැති වුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා... විනාඩි 20කින් ඔක්කොම ඉවර වුණා...

මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේ පදිංචි සෙනුරි තක්ෂිලා කියන්නේ ජීවිතේ ලස්සනම කාලය ගෙවමින් හිටපු අවුරුදු 22ක තරුණියක්. හැමෝම ආදරේ කරපු, හීන දහසක් තිබුණු මේ තරුණිය අද මුළු රටක් හඬවමින් මෙලොව හැර ගිහින්. ඒත් ඒ මරණය පිටුපස තියෙන්නේ කඳුළක් විතරක් නෙවෙයි, රෝහල් පද්ධතිය ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් සහ වේදනාවක්.