එනසාල්-සුවඳ විලවුන් කටුනායක දී අත්අඩංගුව

රුපියල් විසි හය ලක්ෂ හය දහසක් වටිනා එනසාල් , සුවද විළවුන් , ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු සමග අද (25 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .