මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහත්වරුන්ට ජීවිත තර්ජන එල්ලවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කළ බවයි. ඒ සම්බන්ධයෙනුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී පොලිසියට වාර්තාවක් ලබා දෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කරුණු අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරියෙකුට ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරක් පොලිසියට ලබාදීමෙන් අනතුරුව අදාළ විමර්ශන කටයුතු කිරීම මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බවද පැවසේ. අදාළ තොරතුරු සම්බන්ධයෙන් පෙරේදා (24), අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු බුද්ධි අංශ නිලධාරියකුගෙන් ප්‍රකාශයක්ද ලබා ගෙන ඇත. එමෙන්ම මහජන ආරක්ෂක ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට ජීවිත තර්ජන එල්ලවීම සම්බන්ධයෙන්, ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න