හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විදින ජනතාවට එම ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන 'හිමිකම' නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ.