රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී ඔහු පැවසුවේ, මෙම ක්‍රියාව කාදිනල්තුමන්, කතෝලික සභාව සහ ප්‍රහාරයට ලක්වූ වින්දිතයන් රැවටීමට මේ ආණ්ඩුව ගත් පියවරක් ලෙස තමා සලකන බවයි.ජනතාවගේ අවධානය වෙනස් තැනකට යොමු කිරීමට මෙවැනි රැවටීමක් සිදු කළ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ. එසේම පොලිස් මාධ්‍ය ද විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් හේතුව නොදන්නා බව පවසන බවයි ඔහු සඳහන් කළේ.එහිදී ඔහු මෙසේද පැවසුවා,” එක හේතුවක් තියෙනවා. ඒක තමයි පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් අසාද් මවුලානා කියන පුද්ගලයා චැනල් ෆෝ කියන එකට කියලා තියෙනවා 2018දී සලේ සහරාන්ව හම්බුනා පුද්ගලිකව. හම්බවෙලා එයත් හිටියා එතන. ඉතින් එතනදී කිව්වා මේ රට අනාරක්ෂිත රටක් බවට පත් කළොත් තමයි ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා චැනල් ෆෝ කියන්නේ මොකක්ද කියලා. සම්පූර්ණයෙන්ම හමුදාවට විරුද්ධ අසත්‍ය ප්‍රකාශ කරන චැනල් එකක්. ඒක නිසා වෙන්න පුළුවන් සලේව අත්අඩංගුවට ගත්තේ.සුරේෂ් සලේ කියන ඒ බුද්ධි නිලධාරියා 2016 දෙසැම්බර් ඉදන් 2018 දෙසැම්බර් වෙනකන් හිටියේ මැලේසියාවේ මහ කොමසාරිස් කාර්යාලයේ තමයි සේවය කළේ. 2019 ජනවාරි තුන්වෙනිදා ඉදන් 2019 දෙසැම්බර් වෙනකන් හිටියේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක පීඨයේ තමයි හිටියේ. ඒ කියන්නේ ලංකාවේ හිටියෙම නෑ. එතකොට ලංකාවේ හිටියේ නැත්තං කොහොමද සලේ මේ සහරාන් හම්බවෙන්න ලංකාවට ආවේ කියන එක තමයි ප්‍රශ්නේ. කවුරුහරි හිතනවා නම් බෝට්ටුවකින් ඇවිල්ලා හොරෙන් ඇවිල්ලා ගියයි කියලා ඉතින් ඒක හින්දා ඒ වගේ බුද්ධි මට්ටමක් තියෙන ජනතාව මං හිතන්නේ නෑ ලංකාවේ ඉඳියි කියලා.ඒ වගේම තමයි එතකොට පිල්ලෙයාන් ඉතා පැහැදිලිව කියනවා මෙයා රටින් පැනලා ගියේ දේශපාලන රැකවරණය සොයන්න. ඒ වගේම තමයි සහරාන්ගේ මල්ලි, රිල්වාන් අපි දන්නවා පෙරහුරුවක් කරන්න ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා බෝම්බය පිපිරිලා, තුවාල වුණාට පස්සේ, ඩොක්ටර් සෆ්රාස් කියන එක්කෙනෙක් තමයි ජාතික රෝහලේ මෙයාට ප්‍රතිකාර කළේ. එතකොට සෆ්රාස්ගේ හොඳම මිතුරා, තමයි මේ අසාද් මවුලාන් කියලා පිල්ලෙයාන් කියනවා. ඒක නිසා තමයි අද දෙන්නම මේ රටෙන් පැනලා ඉන්නේ.” මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න