2022 වසරේ අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැවති සාමකාමී විරෝධතාවකට එල්ල වූ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (27) පෙත්සම්කාර පාර්ශවයට කල් ලබා දුන්නේය.