‘ව්‍යවස්ථාව වෙනස් කරන්න… ප්ලේයර්ස්ලට වැරැද්ද පටවලා හරි යන්නේ නැහැ’ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධව සිටින සිදත් වෙත්තමුණි අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති තත්ත්වයට ක්‍රීඩකයින් මත වැරදි පැටවීම සුදුසු නොවන බව ය. ඔහු පැවසුවේ, කුමාර් සංගක්කාර පවසා ඇති දේට තමන් ද එකඟ වන බව ය. ‘මම නම් කියන්නේ අපිට මේ ප්ලේයර්ස්ලට වැරැද්ද පටවලා හරි යන්නේ නැහැ. මම අවුරුදු 10ක් තිස්සෙ ම කියන්නේ කුමාර් සංගක්කාර කියන විදිහට සිස්ටම් එක චේන්ජ් එකක් තියෙන්න ඕන. මට හිතෙන විදිහට අපේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕන. අපි ඕක කියලා තියෙන්නේ.” “අපේ ව්‍යවස්ථාව දිහා බැලුව ම මේ බෝඩ් එකේ ඉන්න අය අවුරුදු 20කට වැඩිය ඉඳලා තියෙනවා. එහෙම බැහැ. ලෝකයේ අනෙක් ක්‍රිකට් බෝඩ්වල ඉන්ඩිපෙන්ඩන්ට් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. අපිත් ප්‍රොපෝස් කරලා තියෙනවා චිත්‍රසිරි ගේන්න කියලා. ඒ වගේ වෙනස්කම් නැතිව මට නම් පෙන්නේ නැහැ ක්‍රිකට් එක වෙනස් කරන්න පුළුවන් කියලා. මට නම් ඔය ගැන කතා කරලා ඇති වෙලා තියෙන්නේ.” “මේක නිකම් ක්‍රිකට් මැච් එකක් බලලා ඒ ගැන දොස් කියන එක නෙමෙයි වැඩේ. කුමාර් සංගක්කාර කියන දේ ම යි මාත් කියන්නේ. සිස්ටම් එකේ චේන්ජ් එකක් තියෙන්න ඕන. අපි කාලයත් එක්ක වෙනස් වෙලා නැහැ. අපි හැම තැන ම බලනකොට එයාලගේ ව්‍යවස්ථාව වෙනස් වෙලා. අපේ එහෙම වෙනසක් කරලා නැහැ. අපි ඒ සිස්ටම් එකට ම යි යන්නේ. මේ මගේ අදහස.. අපේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනසක් නොකර මේ කිසි ම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ.” මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න