ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන්ට රට කෙරෙහි කිසිදු ආදරයක් නොමැති බවත්, ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ තම සාක්කු පුරවා ගැනීමට බවත් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. තමන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ධුරය ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් පන්දු යවා තිබේදැයි බලධාරීන් ප්‍රශ්න කළ බව උන්වහන්සේ සිහිපත් කරති. ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කරන්නේ තමන් යැවූ පන්දු තරම්වත් පන්දු ප්‍රමාණයක් වත්මන් බලධාරීන් යවා නොමැති බවත්, ඔවුන් සිදු කරන්නේ පන්දු ඇල්ලීම පමණක් බවත්ය. විශේෂයෙන්ම මෑතකදී ඕස්ට්‍රේලියාවේ පැවති තරඟාවලියට ගිය පිරිස ඉලක්ක කරමින් උන්වහන්සේ පවසා සිටියේ, නළු නිළියන්ගේ කොට ගවුම් දෙස බලා සිටීම නිසා ක්‍රීඩකයින්ට පන්දුව අමතක වී ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දු යැවීම පසෙකලා "පිස්සු කෙළීම" නිසා ඔවුන්ට ක්‍රීඩාව අමතක වී ඇති බවට ද උන්වහන්සේ චෝදනා කරති. ක්‍රිකට් පාලනයේ පවතින මෙම අත්තනෝමතික සහ විනය විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බව උන්වහන්සේගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. මේ පුවත තව අයට බලන්න Facebook එකට Share කරන්න WhatsApp එකට Share කරන්න