විදෙස් ජෙට් යානා ගැන කටකතා බොරු

මැදපෙරදිග යුදමය තත්ත්වයක් පවතිද්දී, විදෙස් හමුදාවන්ට අයත් ප්‍රහාරක ජෙට් යානාවලට ශ්‍රී ලංකා ගුවන් සීමාව තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කරයි.