දශක හතරකට ආසන්න කාලයක් ඉරානය පාලනය කළ එරට උත්තරීතර ආගමික නායක අයතුල්ලා අලි ඛමේනි, ඇමෙරිකානු සහ ඉශ්‍රායල හමුදා එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින් මියගොස් ඇති පුවත සැලවීමත් සමඟ ඉරාන අගනුවර වන ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගර රැසක ජනතාව වීදි බැස සිය සතුට ප්‍රකාශ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.