මැදපෙරදිග ඇතිවී තිබෙන යූධමය වාතාවරණය යටතේ කටුනායක ගුවන් තොටුපොළට අද (01 ) දහවල් 12.00 වනවිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 26 ක ගුවන් ගමන් අවලංගු වී තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් 28 ක් අවලංගු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .