ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය වීමත් සමග පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය කඩාවැදීමට උත්සාහ කළ කෝපයට පත් ඉරාන හිතවාදී විරෝධතාකරුවන් පාලනය කිරීමට පාකිස්තාන හමුදා සිදුකළ වෙඩි තැබීමකින් 9 ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.