බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව sunday times පුවත්පත වාර්තා කරයි. ඒ, පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටිය දී සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති වංචාවක් සම්බන්ධයෙනි. කොමිසම හමුවට පැමිණ සිය නීතීඥවරයාට කරුණු ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිට ඇති නමුත්, එම අවසරය ලැබී නැති අතර ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව කොමිසම ඔහුට ලබා දී ඇති බව පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි. කෙසේ වුවද ඇමතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කොමිසම තීරණය කර ඇත.අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ පොහොර සංස්ථාවේ ටෙන්ඩර් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිදුළ රුපියල් මිලියන අටක වටිනාකමකින් යුතු ටෙන්ඩර් මගඩියක් සම්බන්ධයෙනි. මේ වන විට ඇමති කුමාර ජයකොඩිට රු. මිලියන 7672කට අධික දැවැන්ත පාඩුවක් සහිත බාල ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇත. -emanisa